Sunday 17 May 2020

2020 මැයි මස 18 සිට 22 දක්වා දුම්රියෙන් ගමන් කල හැක්කේ කාටද?

1.      2020 මැයි මස 18 සිට 22 දක්වා දුම්රියෙන් ගමන් කල හැක්කේ කාටද?
ඔබට මාර්තු මස සදහා වලංගු දුම්රිය වාරප්‍රවේශ පත්‍රයක් තිබේනම් පමණක් මේ සදහා ඉල්ලුම් කල හැක.
තම ආයතන ප්‍රධානියා හරහා පසුගිය සතියේ මාර්ග ගත ක්‍රමය හරහා ඉල්ලුම් කල ඔබට ඒ පිළිබඳ කෙටි පණිවුඩය ගමන් කරන දිනට පෙර දින ඔබ වෙත ලැබෙන අතර එය ගමන් කරන දින අදාල දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ට ඉදිරිපත් කර අදාල ටෝකන් පත ලබා ගන්න.

2.      මාර්ගගත(Online) ක්‍රමයට ඉල්ලුම් කලත් කෙටි පණිවුඩය ලැබුණේ නැත්නම් කුමක් කල යුතුද?
තම ආයතනයේ සම්බන්ධීකරණ නිළධාරියා හරහා  මගින් පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරී සම්බන්ධ කර ගන්න. අදාල දුරකථන අංක www.railway.gov.lk මගින් ලබා ගත හැක.

3.      ඔබ අත්‍යාවශ්‍ය රාජකාරි වල නිරතවන අයෙක් නම් හා ඔබට කෙටි පණිවුඩය නොලැබුණි නම් හෝ අයදුම් නොකරන ලද නම් දුම්රියෙහි ගමන් කළ හැකිද?
අත්‍යාවශ්‍ය සේවා රාජකාරි බවට තහවුරු කල හැකි ලිපියක් හෝ ඉලෙක්ට්‍රොනික පණිවුඩක් සමග ඔබගේ සේවා හැදුනුම්පත ළගම ඇති දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ටෝකන් පතක් ලබා ගැනීමේ අවස්ථාව ඇත. සීමිත ආසන ගණනක් පමණක් ඇති බැවින් පැමිණීමේ ප්‍රමුඛතාවය මත ටෝකන් පත් නිකුත් කරයි.

4.     වාර ප්‍රවේශ පතක් නැතිනම් දුම්රියෙහි ගමන් කිරීමට අවකාශයක් නොලැබේද?
දැනට මාර්තු මාසය සඳහා වලංගු වාර ප්‍රවේශ පතක් නොමැති එහෙත් අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා යායුතු නිළධාරීන්ට යාම් ඊම් ප්‍රවේශ පත් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

සියලුම දුම්රිය ගමන්වාර මරදාන හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස සකසා ඇති බැවින් දුම්රිය නැවතුම් ස්ථාන පිළිබද අවධානය යොමු කරන්න.


No comments:

Post a Comment

  2020 පෙබරවාරි 05 දින පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන                                                       ඉහලට   වේ...